FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

 

ජාත්‍යන්තර කාන්ත දිනය සෑම වසරකම මාර්තු 8 වැනිදාට යෙදී තිබේ.

ලොව පුරා කාන්තාවන්ට පුරුෂ පක්ෂයට සමාන තත්වයක් ලැබී නැත. වසරකට එක් දිනක් ස්ත්‍රී පක්ෂය සැමරීම , ඔවුන් ගැනම කතා කිරීම වැනි විශේෂත්වයක් දැක්වීමට හේතුව ස්ත්‍රී පුරුෂ පක්ෂ දෙක අතර ඇති පරතරය ශුන්‍ය කර දැමීමයි. ලොව කොතරම් තාක්ෂණිකව දියුණුවක් ලැබුවත් ශිෂ්ටාචාරය පිළිබද උදම් ඇනුවත් තවම අප කාන්තාවන්ට සම තැන් ලබා දීමට  දියුණුව ලබා නැත.

හැම මවක්ම කාන්තාවකි. මවක් නැතිව මිහිපිට උපන් මානවකයෙක් හෝ මානවිකාවක් නැත. එවන් රත්නයක් රකිනු මිස වෙනස්කම් පෑම දියුණු මානව සමාජයට නම් නොගැලපේ. කෙසේ වෙතත් අප රට තුලදී ස්ත්‍රී පුරුෂයන් අතර ඇති පරතරය කල එලි බසින්නේ ගෘහස්ථ හිංසනය තුලිනි. කාන්තාව නිදහස්ව , සවිමත්ව , සෞක්‍ය සම්පන්නව වර්ධනය කිරීම සදහා අවධානය යොමු කල යුතු ලක් සමාජය තුල ඇති දුර්වල අවස්තාව එයයි.

ගෘහස්තව පවතින තත්ත්වය මෙසේ වුවද රාජ්‍ය හා පුද්ගලික ක්ෂේස්ත්‍රයේ ආයතන තුල නිළ වශයෙන් පිළිගැනීම කිසිම අයුරකින් අව ප්‍රමාණ වී නැත. එමෙන්ම, රට තුල පරිපාලන, අධ්‍යාපනික හා සෞක්‍ය ක්ෂේස්ත්‍රවල කාන්තාව දැනටමත් ඉදිරියෙන් සිටී. නව සංක්‍යලේඛනවලට අනුව ලංකාව තුල ශ්‍රම දායකත්වයෙන් 65% ක්ම ස්ත්‍රී පක්ෂය නියෝජනය කරයි. තව ද අධ්‍යාපනය ලබන මෙන්ම ලබාදෙන පිරිස අතරද වැඩි ප්‍රතිශතයක් ඇත්තේ කාන්තාවන් බව පැහැදිලිව නිර්ණය වේ.

සතුටු දායකම තත්ත්වය නම් අප රටේ කාන්තාවන් පුරුෂයින්ට වඩා වැඩි යහපත් සෞක්‍ය තත්වයකින් පසු වීමයි. කාන්තාවන්ගේ උපතේදී අපේක්ෂිත ආයු කාලය අවුරුදු 78.8 කි, පුරුෂ පක්ෂයේ උපතේදී ආයු අපේක්ෂාව 72.8කි . කාන්තාවන්ට ලබා දෙන පහසුකම් ඇතින්ද සතුටු විය හැකියි. සෑම මවක්ම තම දරුවා ප්‍රසූත කරන්නේ රෝහලක් තුලදීය. මීට අමතරව දිවයින පුරා මාතෘ සායන 8000ක් පමණ ක්‍රියාත්මක වේ. කාන්තාවන් සදහාම වෙන් වූ සුවනාරී සායන මධ්‍යස්ථාන 900 ක් ක්‍රියාත්මකය.

international-womens-dayවසර කීපයකට පෙර ජාත්‍යන්තරය විශ්වාස කල පරිදි ලොව පුරාම ස්ත්‍රී පුරුෂ පරතරය 2030 වන විට අවම මට්ටමට ලගා විය යුතුය. එහෙත් නවතම සංක්‍යලේඛන හෙළි කල පරිදි අපේක්ෂිත මට්ටමට ලගා වීමට වැඩිපුර වසර 100ක් ගත වේ. එනම් 2133 දී ය. තවත් අතකින් මෙය ශිෂ්ටාචාරයේ දියුණුව මනින ඒකකයක් ද වේ.

කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් අප ඔබට යෝජනා කරන්නේ කිසිම විටක තම මව හැර නොයන්න. සහෝදරියන් ඇස් මෙන් සුරකින්න. මව, බිරිද  හෝ සහෝදරියන් නොවන කාන්තාවන් දෙස කාගේ හෝ මවක් යන අරුතෙන් බලන්න,රකින්න . එම සිතුවිල්ලෙන් අවැඩක්  සිදුවන්නේම නැත.

සැමගේ ආරක්ෂාව සමග වර්ධනය  වන කාන්ත පරපුර මුළු මහත් මානව සමාජයම ඔවුන්ගේ දරුවන් ලෙස රැක බලා ගැනීම නොඅනුමානයි.

 

සටහන – පාලිත බණ්ඩාර
මුලාශ්‍රය  – සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය