FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

කොරෝනාවෛසරය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම සදහා මේ වන විට ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යෝජනා ඉදිරිපත් කර තිබේ.

කොරෝනාවෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මාලාවක් ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

  1. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 රෝගීන් දැයි තහවුරු වන තෙක් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර සේවා සිදු කිරීම.
  2. කොරෝනා වෛරසය පිළිබදව සිදුකරන පර්යේෂණ සහ නිර්ණායක පුළුල් කිරීම.
  3. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සදහා ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට පැමිණෙන රෝගීන් විශේෂිත වාට්ටුවල ප්‍රතිකාර ලබා දීම.
  4. COVID -19 ප්‍රතිකාර සේවා සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබා දෙන පුද්ගල ආරක්ෂිත උපකරණ ඇගළුම් වැනි දෑ රෝහල්වලට නිසි ක්‍රමවේදයට ලබා දීම.
  5. කොරෝනාවෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කිරීම.
  6. සායනික ප්‍රතිකාර සිදු කිරීමේදී විශේෂඥ උපදෙස් ලබා ගැනීම.
getty

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මෙසේය.

1. ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් වසංගත ප්‍රතිචාරය සමායෝජනය කිරීම

2. පරික්ෂා කරනු, පරීක්ෂා කරනු, පරීක්ෂා කරනු (සැමවිට ම පරීක්ෂා කරනු) – යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමෝපාය අනුගමනය කරන්න.

  • තාක්ෂණික විශේෂඥ මණ්ඩලයක් මගින් රෝගය ඇති බවට සැක සහිත පුද්ගලයන් හා ඇසුරු කළ අය වඩාත් වැඩි ගණනක් පරීක්ෂණයට ලක්කළ හැකි පරිදි පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන් වඩා පුළුල් කළ යුතුය. එලෙස ම පරීක්ෂණයට ලක්කළ යුතු පුද්ගලයින්ගේ පැහැදිලි ප්‍රමුඛතා ක්‍රමවේදයක් සහිතව සංශෝධනය කළ යුතුය.
  • ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති අනෙකුත් රෝහල් වල සේවයේ නියුතු වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරීන් හා RT PCR පරීක්ෂණය පිළිබඳ අත්දැකීම් ඇති, GeneXepert යන්ත්‍ර සහිත රසායනාගාරවල සේවයේ නියුතු විද්‍යාඥයන් ගේ සේවය ලබාගැනීම.
  • ඉහත කී GeneXepert යන්ත්‍ර යොදාගෙන වෛද්‍ය පර්යේෂණායතනය තුළ වඩා විශාල රසායනාගාරයක් පිහිටුවා එහි සේවය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරීන් හා ඉහත කී විද්‍යාඥයන් යෙදවීම.
  • එකවර පරීක්ෂා කළ හැකි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතා විශාල ලෙස ඉහළ දැමිය හැකි ක්‍රමවේදයක් වන නියැදි එකට දමා පරික්ෂා කිරීමේ ක්‍රමවේදය (Pooled sampling) PCR පරීක්ෂණය සඳහා යොදා ගැනීම.
  • ප්‍රතිදේහජනක (Antigen) හා ප්‍රතිදේහ (Antibody) ක්ෂණික පරීක්ෂාවන් යොදා ගැනීමේ විද්‍යාත්මකභාවය හා ශක්‍යතාව පිළිබඳ සොයා බැලීම

3. වසංගතයේ විකාශනය පිළිබඳව විද්‍යාත්මක පුරෝකථන

4. අපේක්ෂිත අවස්ථා පදනම් කරගත් මොඩලයක් ආධාරයෙන් ලබාගත හැකි පුරෝකථන මත පදනම් වෙමින් ඇතිවිය හැකි, වසංගතයේ විවිධ අවස්ථාවන්ට අනුරූප වන පියවර අනුගමනය කළ යුතුය.

5. මුඛ ආවරණ පැළඳීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශකත්වයක් ලබා දිය යුතුය.

6. නිරෝධායන සහ ස්වයං නිරෝධායන ක්‍රියාවලිය නිවැරදිව සිදුවේ ද යන්න සොයා බැලීය යුතුය.

7. කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලු දේ ලබා දිය යුතුය.

8. කොවිඩ් 19 රෝගීන් නොවන වෙනත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ද නිසි පරිදි සිදු කළ යුතුය.

9. ලොක්ඩවුන් (Lockdown) කිරීමෙන් නොනැවතී රෝගීන් සොයා යාම විධිමත්ව සිදු කළ යුතුය.

10. රෝගීන් හංවඩු ගැසීම සහ කොන් කිරීම වැළැක්වීමට පියවර ගත යුතුය.

11. මහ ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම සදහා මාධ්‍ය ඉදිරියට පැමිණෙන පුද්ගලයින්ට යම් රෙගුලාසි මාලාවක් නිකුත් කිරීම.

12. අනෙකුත් රටවල සාර්ථක හෝ අසාර්ථක වූ ක්‍රමවේද තුළින් ඉගෙන ගත යුතුය.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අප්‍රේල් 07 වන දා පැවසුවේ, තවත් දින 14කින් කොරෝනාවෛරසය ආසාදිතයින් මතු වීම අවසන් වනු ඇති බවය.

“දැන් මතු වුණා වගේ ශ්‍රී ලංකාවේ තව දවස් 14ක් යනකොට මතු වෙන්න ඕන ලෙඩ්ඩු මතු වෙලා ඉවර වෙන්න ඕන. ඒ මතු වෙන රෝගීන් රෝහල්වලට ගෙනල්ල ප්‍රතිකාර කළා ම මේ රටෙන් ඒ රෝගය තුරන් කරන්න පුළුවන්.” ඇය පැවසුවාය.