FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

දන්ත වෛද්‍යවරුන් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ම අනුමත කිරීමට සාධාරණ හේතු පවතී.

ෆ්ලෝරයිඩ් දත් දිරායාම වලක්වයි. එය සිදුවන ආකාර තුනකි.

  • දත මත සක්‍රිය ලෙස කැල්සියම් ලවන තැන්පත් වීමේ වේගය වැඩි කිරීමෙන් හා දත මතුපිටින් ලවන ඉවත්වීමේ වේගය අඩු කිරීමෙන්. 

  • දත් මතුපිට කැල්සියම් ෆ්ලෝරෝ අපටයිට් සංයෝගය සෑදීමෙන් එනමලය ශක්තිමත් කොට ආම්ලික භාවය වැඩි වීමෙන් දතට සිදුවන හානි වලක්වා ගනී. 

  • ෆ්ලෝරයිඩ් වල බැක්ටීරියා නාශක ශක්තියක් ඇත.

මේ හේතූන් නිසා දන්තාලේපවල ෆ්ලෝරයිඩ් අඩංගු වීම අත්‍යවශ්‍ය වේ.  ඔබ භාවිතා කරන දන්තාලේප පැකට්ටුවේ ඇති ලේබලයේ හොදින් පිරික්සා බලා එහි අවශ්‍ය ප්‍රමාණයට ෆ්ලෝරයිඩ් සංඝටකය අඩංගු දැයි බලන්න. තිබිය යුතු ප්‍රමාණයේ පරාසය වන්නේ 1000 ppm to 1500 ppm.  එසේ නොමැති නම් එම ප්‍රමාණය අඩංගු දන්තාලේපයක් භාවිත කිරීම ආරම්භ කරන්න. දත් මැදීම සදහා වරකට භාවිත කල යුතු ප්‍රමාණය වන්නේ සාමාන්‍ය කඩල ඇටයක ප්‍රමාණයයි.

මෙම සංඝටකය අධික ප්‍රමාණයක් ගැනීමෙන් අතුරු අබාධ ඇති විය හැක.  වෛද්‍ය උපදෙස් වලින් තොරව ෆ්ලෝරයිඩ් භාවිතා කිරීම නොකළ යුතුය.