FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

සෛද්ධාන්තිකව කළු කුහර මතයට ඇසින් දුටු සාක්ෂි හමු වෙයි

The Event Horizon Telescope (EHT)

පෘථිවිය මත පහල වූ ශ්‍රේෂ්ඨ විද්ද්‍යාඥඥයකු වන “ඇල්බර්ට් අයින්ස්ටයින්”  විසින් අනුමාන කර කියන ලද හා සෛද්ධාන්තිකව ඔප්පුකරන ලද කළු කුහර මතය. පසුගිය 10 වැනි දින සනාත වෙන ලදී.  ඒ අලුතින් පිහිටුවන ලද The Event Horizon Telescope (EHT) දුරේක්ෂය උදව්වෙනි. මෙය ලොව වටා පිහිටුවා ඇති රේඩියෝ දුරේක්ෂ(8) ජාලයක එකතුවෙන් ක්‍රියා කරන වාචික තනි දුරේක්ෂයකි. මෙහි අරමුණ වූ යේ ද කළු කුහර ගැන අධ්‍යනයයි.

ඡායාරූප ගත වූ කළු කුහරය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 55ක් ඈතින් පවතින එකකි. එය M 87 යන අංකයෙන් හදුන්වන විශාල ප්‍රමාණයේ ඉලිප්සාකාර මන්දාකිනියේ මැද පිහිට ඇති කළු කුහරයි.  ප්‍රධාන වශයෙන් මන්දාකිනි වල මැද කළු කුහර ඇති බවට මේ වන තෙක් ඒ පිළිබද සොයා බල විද්‍යාඥ්ඥයන් විශ්වාස කල අතර, මේ ඇසින් දුටු සාක්ෂියත් සමග එය ඔප්පු විය. මෙම කළු කුහරය අපේ හිරු මෙන් බිලියන 6.5 ක විශාලත්වයකින් යුක්ත බවටද සොයා ගෙන ඇත.

කළු කුහරයේ පවතින අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා ආලෝකය පවා ඒ වෙතට ඇද ගැනීම විනා එයින් පිටවීමක් නොවේ. එසේ තිබියදීත් මෙවැනි පින්තූරයක් ලබා ගත්තේ කෙසේද ? ඇත්තෙන්ම පින්තූරයේ හරි මැද රවුමට ඇත්තේ කළු කුහරයයි. එයින් පිටතට ආලෝක තරන්ගයක්වත් පිට නොවන අතර මෙම කළු ප්‍රදේශය වටේට ඇති ක්ෂිතිජ සීමාවේදී  ආලෝකය ඇද ගැනීමට පෙර අවස්ථාවේ ඇති ආලෝකයයි. මෙය ගුරුත්වාකර්ෂණ  සීමාවක් ලෙසද ඔවුන් හදුන්වයි. කෙසේ වෙතත් මෙය දුරේක්ෂයෙන් ලබා ගත් දත්ත ආශ්‍රයෙන් සකස්කරගන්නා ලද පින්තූරයකි.

මෙයනම් තාරකා විද්‍යා ඉතිහාසයේ අපූරු සන්දිස්ථානයකි.

 

Written By Palitha Bandara

Source – The Event Horizon Telescope.