FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

සේවනය කළ යුතු නොකළ යුතු අය.

කෙලෙහි ගුණ දන්නා අය සේවනය කරනු – දියේ ගිය දණ්ඩක් ගොඩ තැබීමෙන් එයින් යම් විටක ප්‍රයෝජනයක් වේ.දුර්ජනයා එසේ නොවේ. උපකාර ලබාගෙන පසු ඔහු විපත්ති ගෙන දේ – දුර්ජනයා දන අදිනගෙන සේවනය කරනු – ශ්‍රේෂ්ඨයින්ද තමන්ට වඩා උසස් ගුනවතුන්ද සේවනය කරනු – හීනයාත් නුගතාත් සේවනය නොකරනු – තමන් කියන දේ හොදින් අසා බලා ඉවසාද එසේම එහි යම් වරදක් ඇතොත් සෙමින් පෙන්නාදී යහ මගට හරවාද තමන්ට විශ්වාසවත් වූද අය සේවනය කරනු. පවට බර පුදගලයන් පිටු දකිනු.

යමෙකුට උපකාර කිරීමෙන් ගුණයත්, මිත්‍ර ධර්මයත් නොලැබේද ඔහුට දොස් නොකියා සෙමින් ඈත් වෙනු. කොතරම් දිළිදු කුලයෙන් හීන වුවත්, නූගත් වුවත්, යමෙක් සිල් රකීද – ගුණ ධර්මයෙහි ඇලී ගැලී සිටියිද ඔහු සේවනය කරනු.

සර්පයෙකු මෙන් වහා කිපෙන්නා වූද – දුරාචාරයේ හැසිරෙන්නා වූද – මත්පැනට – දූ කෙළියට – නෘත්‍ය ගීතයට – ස්ත්‍රීන් සමග නොමනා ආශ්‍රයට පත්ව සිටින්නා වූද අය සෙමෙන් ඈත් කරනු.

(සච්චන්කිර ජාතකය, නිග්‍රෝද ජාතකය, ජවසකුණ ජාතකය)

උපුටා ගැනීම “මා නැති දවස” කෘතියෙනි.