FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

මොලයේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩුවීම හෙවත් (demencia) ඩිමෙන්ෂියාව.

Fotolia_3811280_demencia-levy

ඩිමෙන්ෂියාව යනු මොළයේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩුවීමයි. මෙමගින් අසාමාන්‍ය ලෙස මතකය,සංනිවේදන හැකියාව සහ සිතීමේ හැකියාව අහිමිවීම හැකියි. තවද ආහාරපාන ගැනීම පවුද්ගලික ස්වස්ථාව, මුදල් ගනුදෙනු හා වෙනත් අය සමග ගනුදෙනු කිරීමේ අපහසුතා ද ඇතිවිය හැකි ය.දැනට මේ තත්වයට වැඩියෙන් ගොදුරු වී ඇත්තේ වයස්ගත වූවන්ය. අප රට තුල මේ වනවිට ඩිමෙන්ෂියාවට ගොදුරු වී ඇති පුද්ගලයන්ගේ ප්‍රමාණය ලක්ෂයත් එක්ලක්ෂ විසිදහසත් අතර සංක්‍යාවකි (100 000 – 120 000). වර්දනය වන ආකාරයට සැලකිල්ලට ගත් කල වසර 2050 වන විට මේ ප්‍රමාණය මිලියන බාගයක් පමණට වේ යයි පර්යේෂකයන්ගේ මතයයි.

ඉහත දත්ත වලට අනුව දැනුදු ඩිමෙන්ෂියාව ප්‍රදාන මහජන සෙ‍ෟඛ්‍ය ගැටලුවක් වී ඇත. ආයු අපේක්ෂාව වැඩිවීමත් ජනගහණය වර්ධනයත් සමග මෙහි වර්ධනය ද ඉහල යයි. ඒ වයස්ගත වුවන්ගේ ප්‍රමාණය ඉහල යන නිසාවෙනි. මේ රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීමේ වැඩි ප්‍රවනතාවය ඇත්තේ වයස 65 පමණ පසුවුවන්ට ය. රෝගය වැළදුණු දා සිට වර්ෂ 40 ක් පමණ ගතවීමෙන් පසු කාලයකදී කායික හා මානසික රෝග ලක්ෂණ පෙන්නේඋම් කරයි. එනම් වයස 65 දී රෝග ලක්ෂණ ප්‍රදර්ශනය වෙන්න වයස 20 ත් 30 ත් අතර කාලයේ දී රෝගීන් වීමට පටන් ගත අයයි.
නමුත් දැන් දැන් මැදිවියේ පසුවන්නන්ද මෙයට ගොදුරුවන බව සොයාගෙන ඇත. කියන පරිදි 2050 දී මර් රෝගීන්ගේ සංක්‍යාව මිලියන බාගයක් වුවහොත් එය අප වැනි තුන්වන ලෝකයේ රටකට දරාගත නොහෙන. මන්ද යත් ලක්ෂ 5 ක ප්‍රමාණයක් නියත රෝගීන් වුවහොත් ඔවුන් රක ගැනීමට තවත් විශාලා පිරිසක් කැප විය යුතුම ය. රටේ ශ්‍රම බලකාය අඩුවීම පමණක් නොව රටේ ධනයද මහත් සේ වැය වේ.

ඩිමෙන්ෂියාව යටතේ උප ප්‍රධාන රෝග කීපයක් පවතින අතර එයින් ප්‍රධාන හිමිවන්නේ සහ වැඩියෙන් පවතින්නේ ඇල්සයිමර් රෝගී තත්වයයි. මේ මගින් මොලයේ ශෛලවලට හානි පමුණුවා මරා දමයි. මොලයේ ශෛල කළල අවස්ථාවෙන් පසු නැවත අලුතින් බිහිවීමක් නොමැති නිසා මැරුණු ශෛල වෙනුවට අලුත් ශෛල ජනනය වීමක් නොවන්නේය. කෙසේ නමුත් මෙම රෝගී තත්වයට නිසියාකාර හේතුවක් තවම මේ වනවිටත් සොයාගෙන නැත. වැළදුණු පසු නිට්ටාවට සුව කිරීමේ ක්‍රමයක්ද මේ වනවිටත් සොයාගෙන නැත. වහ වහා දැනුවත් වී මෙය වලක්වා ගැනීමට ක්‍රියා කිරීම විනා වෙනත් පිළිතුරක් දැනට නැත්තේය.
ඩිමෙන්ෂියා අවධානම අවම කිරීමට කල හැකි ක්‍රියාකාරකම් කිහිපයක් හදුනාගෙන ඇත. එනම්.

1. සෙ‍ෟඛ්‍ය සම්පන්න අහාර වේලක් ගැනීම.
2. මානසික අවධි තත්ත්වයෙන් සිටීමෙන් සහ චිත්ත්වේගීය සතුටින් සිටීම.
3. හැකි සෑම විටකදීම ශාරීරික වශයෙන් උපරිමයෙන් ක්‍රියාකාරීව සිටීම.
4. සමාජ ජාලයන් හා සම්බන්ද වී මානසික වශයෙන් ප්‍රීතිමත්ව සිටීම.

යන ඒවා ප්‍රධාන තැනක් ගන්නා අතර ඊට අමතරව දුම් පානයෙන් සම්පූර්ණයෙන් වැළකීම , සෙ‍ෟඛ්‍ය යට හිතකර පරිදි ශරීරයේ බර පවත්වාගෙන යාම. මධ්‍යසාර භාවිතය අවම කිරීම හා නිසි කලට නිසි වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු වීම යන මේවා කෙරෙහි ද අවධානය යොමු කල යුතුමය. අප උරදී සිටින්නේ ශ්‍රී ලංකාව 99% ක්ම සෙ‍ෟඛ්‍යසම්පන්න කිරීමට අවශ්‍ය දැනුම බෙදා දීමේ කටයුත්තටයි. මේ අරමුණ සාක්ෂාත් කරගැනීමට යන ගමනේදී ඩිමෙන්ෂියාව අමතක නොකළ යුතුම තත්වයකි. එනයින් මේ ගැන වැඩිදුර තොරතුරු හා අධ්‍යයනයන් අප අඩවිය මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

“Health Today”

පාලිත බණ්ඩාර