FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

ජුලි 4  වෙනිදා රෑ 9.30 නිව්ස් බැලුවා. වයස 4 යි ළමයට. කියපු විදියට අම්මයි සුළු පියයි දෙන්නම ගහල. ඇත්තද දන්නේ නෑ. බොරු වෙන්නත් බෑ මොකද, ළමය නැති වෙලානේ. අසල්වාසීන් කීවේ දරුවා හරිම අහිංසකයි කියල. ඔය කියන වයසේ ළමයෙක් දඩබ්බරද අහිංසක ද කියල හරියට හොයා ගන්න බැරි උනත් වැඩිහිටි අසල්වාසීන්ට ඒ ළමයාගේ අහිංසක කම දැනිල තියෙනවනේ. අනික මේ වයසේ ළමයි තනියම පාරවල්වල ඇවිදින්න බයයි නේ. හැමවිටම අම්මගේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන වයස. කොහේ කැරකුනත් අම්මා ලගට දුවල එන වයස. මෙහෙම දරුවෙකුට අම්මා ලගත් ආරක්ෂාවක් නෑ කියල දැනෙන තරමට මේ ළමයට ගහල තියනව. එකනේ පාරේ තනියම ඇවිදගෙන ගිහින් තියෙන්නේ. නොමෙරූ පුංචි හිතකට කොයි තරම් අවිනිශ්චිත කමක් දැනෙන්න ඇත්ද. ඒ ළමය සංසාරෙන්ම අහිංසකකම පුරුදු කරන් එන්න ඇති. වට පිටාවේ මිනිස්සු කදුළු හලනව ඒ දරුවා වෙනුවෙන්, එත් වදාපු අම්මගෙ ඇහේ කදුළු තිබුනේ නැ.  එකෙන් පෙනෙන්නේ සකල ක්ලේශයන් නසා රහත් වී ඇති බවවත්, බුද්ධිමත් බවේ ඉහලම හිනි පෙත්තටම ලගා වී ඇති බවවත් නෙවේ කියල අපි හැමෝටම පේනවනේ. තුච්ච කාම ගින්න ඇරෙන්න වෙන මුකුත් නෙවේ. මේක අහපු වෙලේ ඉදල පොඩි එකාගේ අහිංසකකම මැවිල පේනව. මේ කාලේදී වැඩි අහිංසකකම සුදුසු නැහැ කියන්නයි මට ඕන උනේ. මොකද මේ අපි පහු කරන්නේ කලි යුග කාලෙනෙ.

මෙතනදී සුළු පියා කියන අමනයා ගැන කතා කරලම වැඩක් නෑනේ. ඌට දරු දුකක් නෑනේ, තුච්ච කාම ගින්න සංසිදුවා ගැනීම මිසක්. දරුවට අදාළ වෙන වෙනත් දුකක් දැනෙන්නෙත් නෑනේ. අපේ අම්මල අපිව හදන කාලේ වැසිකිලියට යන්න විතරයි අපිව බිමින් තියන්නේ, එහෙමත් නැත්නම් කාට හරි වඩාගන්න දෙන්නේ. මම කීවේ අපිට යාන්තම් තේරෙන කාලේ ගැන. ඒකට දැන් ඉන්න සමහරක් අම්මලාට දරුවෝ ඇණයක් වී ඇති බවට ඕන තරම් සාක්කි තියනවා. අඩු වයසින් කසාද බැදිල්ලයි, වනචර කමයි, ලැජ්ජා බය කියන ලෝක පාලන ධර්ම පිලි නොගෙන සිටීමයි යන දේවල්වල ප්‍රථිපල නොවෙයි කියල කියන්න කාටහරි පුලුවන්ද. මේ යන ගමන ආපස්සට හැරෙන්න ඕන, මේ දැන්මම, නැත්නම් අපිට හෙට අනිද්දා වෙන කොට මීට වඩා දරුණු කතා අහන්න දකින්න ලැබෙනවා සත්තයි සහතිකයි. එවැනි ප්‍රවෘත්ති පෙන්නන්න වෙනම නාලිකාවන් හා පත්තර ගහන්නත් පටන් ගනියි.

සංකර තාර්කික සිතුවිලිවලට හා හැගීම්වලට වහල් වෙලා පාලනයකින් තොරව ක්‍රියාවේ යොදවන්න ගත්තම පටන් ගත්තු වෙලේ ඉදල ලෝකයට වෙන්නෙම හිරිහැර කරදර. දැන් අන්තිමට ලොකුම වස්තුව වන දරුවන්වත් නොපෙනෙන තත්වයකට පත් වෙලා. ඊට පස්සේ මේකේ අතුරු ප්‍රථිපලයක් විදියට දරුවන් විසින් දෙමාපියන්ව පාරට ඇද දැමීමත් වර්ධනය වෙලා. මේ තත්වයට ම ඇද නොවැටුන සමහරු දෙමාපියන්ගේ ගුණ මනින්නේ තමන්ට දුන්න ඉඩ කඩම් සල්ලි මුදල් ප්‍රමාණයෙන්. ඒ ටික ගෙවල දාන්නත් සමහරු පෙලබෙනවා. සම්මත උගත් කමක් ලබා ගත්තම මෙහෙම දේවල්. අන්තිමේදී ලැබෙන ලැබෙන මිල මුදල් යාන වාහන ඉදිරියේ නිවට වෙලා ස්වභාවයේ යතාර්තයට පිටුපානවා. ස්වභාව ධර්මයාට අපි ණයයි කියල අමතක කරනව. එම නිසාම ස්වභාව ධර්මය අදාළ අයට ප්‍රති උත්තර දෙනකොට ආයෙත් ඔවුන් ගැන දුක් වෙන්න වෙන්නෙත් මිනිස්සුන්ටමයි.

වර්තමානයේ දෙමාපියන්ට නොසැලකීම, දරුවන්ට නොසැලකීම යන කරුණු දෙකටම ලැබෙන ප්‍රසිද්ධිය දරාගැනීමට තරම් සමහරුන් තුච්ච කාමාශාවන් ඉදිරියේ නිවට වෙලා තියෙනවා.

මිනිසුනේ……. ආපසු හැරෙව් !     ලැජ්ජා බය දෙක ඇති කර ගනිල්ලා.  ඒ මොකටවත් නෙවෙයි අනාගත පරම්පරාවේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. ඒ කියන්නේ අපේම ජීවිතවල ආරක්ෂාව වෙනුවෙන්. අඩු තරමින් අපේ ඔළුවල තියන ඊනියා තර්ක ඥානයෙන් වැටහෙන්න ඕන මේක චක්‍රයක් වගේ කැරකෙනවා කියල. මොකද ස්වභාදහම කියන්නේ ගහක කොලේකටවත් අසාධාරනයක් කරන දෙයක් නෙවේ කියල මම අහල තියනව. අනුන් ගැන හිතල ලැජ්ජා බය දෙක ඇති කරගන්න නිකන් මොකක්දෝ වගේනම්, තමන් ගැන හිතල ලැජ්ජා බය කියන ලෝක පාලන ධර්ම දෙක ඇති කර ගනිල්ලා. තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන හිතල ලජ්ජා බය ඇති කරගනිල්ලා. තුච්ච කාමයන් නිසා ලෝකයේ සදාකාලික ධර්මතාවය වන මෛත්‍රීය නැති කරගන්න එපා. දැන් එක නැත්නම් ඇති කරගනිල්ලා.

 

මෙහි සදහන් කවියෙන් කියවෙන්නේ කලියුග කාලයේ ස්වභාවය. හොයල බලමු ඇත්ත ද නැද්ද කියල.

 

මුවෙකුට විපත අවිහිංසක කමය                  ල

වග වලසුනට උවදුරුනත වසන                 බිම

  වැඩි හොද නොහොද වීමයි කලියුගය          මෙම

අනුපනයටවත් අවැසියි නපුරු                     කම

 

පාලිත බණ්ඩාර

By Palitha Bandara