FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

එබොල මාරාන්තික වයිරස් රෝගයක්(Ebola haemorrhagic fever). මේ වනවිට මධ්‍යම හා බටහිර අප්රිකානු රටවල සීග්‍රයෙන් පැතිරී යන භයානක රෝගයක්. බොහෝ විට මෙය මාරාන්තිකයි.අසාදනය වීමෙන් වැළකීම හැර දැනට වෙනත් ප්‍රතිකාරයක් නොමැත, පිළිගත් එන්නතක් තවම සොයාගෙන නොමැති අතර වෙනත් නිශ්චිත සායනික ප්‍රතිකාර ක්‍රමයක්ද මේ මොහොත වනවිටත් නිගමනය වී නැත.

රෝගය මුල්වරට වරට වාර්තා වී අත්තේ 1976 වර්ෂයේදීය. ඒ සුඩානය හා කොන්ගෝ ජනරජයෙනි. කොන්ගෝවේ ඇති එබෝලා නදිය ආශ්‍රිත යන්බුකු නම් ගමකින් මුල්වරට සොයා ගැනුණු මෙම මාරාන්තික රෝගය එතැන් සිට එබෝලා නමින්ම හදුනා ගැනීම විශේෂයක්. වන සතුන්ගෙන් මුල්වරට මිනිසාට සම්ප්‍රේෂණය වූ වෛරසය දැන් පුද්ගලයාගෙන් පුද්ගලයට සම්ප්‍රේෂණය වෙමින් පැතිරී යයි.

අසදිතයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ වීම සිදුවන්නේ ආසාධිත රෝගියාගේ ශරීරයෙන් පිටවෙන තරලයන්(ද්‍රව) ඍජු ස්පර්ශයකින් පමණයි, උදාහරණයන් ලෙස අසදිතයගේ මළ මූත්‍රා , වමණය , සුක්‍රනු , රුධිරය හා එවැනි තවත් එවැනි ද්‍රවනයන්ය. එනම් මෙවැනි ද්‍රව්‍යන් සමග ඍජු ස්පර්ශයක් නොමැතිනම් වයිරසය බෝ වීමේ අවදානමක් නොමැති තරම්. මෙම රෝගය නිසා මිය ගිය පුද්ගලයකුගේ මල සිරුරින් පිටවන ද්‍රවයන් ගෙන්ද 100% ක්ම ආරක්ෂා විය යුතුයි.

රෝග ලක්ෂණ වන්නේ අධික උනත් සමග ඇතිවන ඇග කැක්කුම,සන්දිවල ඇතිවන කැක්කුම,වමණය , පාචන තත්ත්වය හෝ රක්තපාතය. මෙම රෝග ලක්ෂණ දුටු වහාම ලගම ඇති වෛද්‍යවරයා වෙත රෝගීයව රැගෙන යන්න. අසධිතයා අන් අයගෙන් වෙන් කර තැබීමත් ක්‍රමවත් සායනික ප්‍රතිකාරත් මගින් රෝගියාගේ ජීවිත අවදානම අඩු කිරීමට අවස්ථාව සලසා ගත හැක.

මෙම රෝගය පවතින රටවලට ඔබ සංචාරය කරන්නේනම් හෝ එම රටවල සිට පැමිණෙන්නේනම් වහාම අසාදනය වීමෙන් වැළකීමේ ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. පහත රූප සටහනේ දැක්වෙන්නේ එම ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයන්ය.

ebola-infographic

රෝගය දැනට පවතින රටවල් ලෝක සෞක්‍ය සංවිධානය මගින් එළිදැක්ව ඇති පහත සිතියමෙන් දැක්වේ.

විස්තර,ඡායාරූප හා සිතියම් WHO වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී.