FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

අධිකරණයේ පිහිට සොයා එන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගන්න විනිශ්චය කාරවරුන් ගැන කියවුනා පමණක් නොවෙයි චිත්‍රපටිත් හදුනා. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් අමු අමුවේ විනිසුරුවරුන්ගේ චරිතය ඝාතනය වුන(ඒ කතා සත්‍යක්නම කර ඇත්තේ චරිත ඝාතනයක් නොවෙයි සමාජ සේවාවකි, ඒ සදහා අදාළ මන්ත්‍රී තුමාට පින්සිදු වීම අධිකරණයටද වැළක්විය නොහැකි බව මම අනුමාන කරමි). සුගන්දිකා නෝනාගෙන් අපි කවුරුත් නොදන්නා දේවල් දැනගත්තා එතුමිය මෑතකදී කරන ලද ප්‍රසිද්ධ කතාවෙන්. මේ ටික ඇත්තද නැද්ද කියලා හොයල බලපුවාම…… අධිකරණයේ ගෞරවය ගැන මොකද හිතෙන්නෙ.

“තැලෙන යකඩේ දැක්කම” උඩ පැන පැන තලනවලු. ඒ වගේම ලංකාවේ අපට විතරක් නෙවේ ලෝකේ කාටවත් රහසක් නෙවෙනෙ විදියට අපේ රටේ පොලිිස්පතිතුමා ලෝකෙටම ප්‍රසිද්ධ කළා අපේ රටේ නීතිය නැමිය හැකි බවට(එළිපිට කීමට බැරිමුත් කලින් සිටම වැඩි දෙනෙක් දැන සිටි රහසකි). කාටවත්ම නිකමටවත් හිතෙන්නෙ නැද්ද නැති බැරිකමින් හෝ අතපසුවීමකින් හෝ වෙනත් ප්‍රස්නයක් නිසා නීතිය නමාගන්න බැරි උනාම සමහරු හිරේ යනවා වෙන්න පුළුවන් නේද ?. මේ සමහරු කියන විදියට නමන නැමිල්ලට අධිකරණයට කිසිම අගෞරවයක් නොවේවායි මම ප්‍රාර්ථනා කරමි. එමෙන්ම LTTE සංවිධානය සතුවද අධිකරණයක් තිබුන බවට හා තීන්දු තීරණ දුන් බවට අසා ඇත්තෙමි. අධිකරණය තුල හෝ ඒ හා සම්බන්ධ පිට සිටින සියල්ලෝමද සාමාන්‍ය පන්චස්කන්දයෙන්ම සැකසී ඇති මිනිසා යයි නම් ලද සතාම වන්නේය. ගෞරවය බලෙන් ඇතිකරගත නොහැකිය, බියවද්දා ලබාගන්නා ගෞරවය බිය පහව යනතෙක් පමණි. කෙසේ වෙතත් නීතිය යනු ජන සම්මතයම බව හිටපු අග විනිසුරු තුමා කිව්වා මට මතකය. එසේනම් පවතින නීති පිළිබද නැවත නැවත ජන මතය විමසා බැලිය යුතුය යන යෝජනාව නරක දෙයක් නොවේය යන්න නිකමට සිතේ.

ලංකාවේ නියමු බෞද්ධ ගතිගුණ ක්ෂය වෙමින් යන බවනම් සැබෑය. එපමණක් නොව ඒවා දැන් ඉතාම විරලය. සොයගන්නම නැත, හමු උනත් හමුවන්නේ මොනයම් හෝ ගනුදෙනුවක් අහවර වනතෙක් පමණි. නමුත් තවමත් නියම බෞද්ධයන් අමාරුවෙන් හෝ සිල් රකිති. බෞද්ධ වේවා අබෞද්ධ වේවා හැමෝටම අන්තිමට පිහිට වන්නේ බුදු හාමුදුරුවෝය, දෙවනුව උන් වහන්සේ විසින් සොයා ගත දහමය තෙවනුව ධර්මය රකින සංඝ රත්නයයි(සංඝ රත්නයට අදාළ නැති චීවර දාරීන් සංඝ රත්නය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රධාන ස්වාමීන්වහන්සේලා විසින් නැවැත්විය යුතුය නෙරපා දැමිය යුතුය). මේ තුන් රත්නයට කුමන හෝ බලවේගයකින් අවැඩක් වේ නම් අනතුරක් වේ නම් එය නිවට කමින් කල් යැවීමට කාලය නොවේ. බුදු දහම වැළලී යන්නට නොදී බේරාගෙන පවත්වාගෙන යාමම ලෝකයේ අනිකුත් සියලුම සේවාවන්වලට ඉහලින් පවතින සේවාවයි.