FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

දුෂණය නොවූ පුංචි හිතක තියන මෛත්‍රීය කරුණාව මෙච්චරයි කියන්න පුලුවන්ද?  මේ කතාව ඒකට හොද නිදසුනක්.

මේ පුංචි දරුවාගේ පියා වැඩ කරන්නේ මදපෙරදිගය. දරුවා සිය මවත් සමග හැමදාම නගරයට එයි. ඒ මොන්ටිසෝරියට යනු පිණිසය.

මොන්ටිසොරිය අරුණු පසු සිය මවත් සමග මාර්කට් යෑමට ඔහුට සිදුවෙයි. මව එළවළු මිලදී ගන්නා සැටි ඔහු බලා සිටියි. මව සමහරවිට මස් කඩයට යයි. ඒ මස් ගැනීම සදහාය මස් ගැන ඔහුට එතරම්ම හැගීමක් නැත. එල්ලා ඇති මස් කෑලිවලින් කපා දෙන බව පමණක් ඔහු දනී.

එහෙත් මේ කියන දවසේ පුංචි දරුවා එක්වරම කෑ ගසමින් මස් කඩයෙන් එලියට පැන දුවන්නට පටන් ගත්තේය. මහා මාර්ගය ඉදිරියෙන් ඇත. එය බොහොම කලබලය.

“පුතා…පුතා….”

තරුණ මව කෑ ගසමින් දරුවා පසුපස එලෙව්වාය. පුංචි දරුවා පාර පැනීමට ආසන්නය.

” අනේ අල්ල ගන්ඩ…. අල්ල ගන්ඩ…..” ඈ මොර දුන්නාය. එතැන සිටි පුද්ගලයෙක් වහාම ඉදිරියට පැන දරුවා අල්ලා ගත්තේය. මව පැමිණ සිය පුතු වැළද ගත්තාය.

ඔහුගේ පපුව ගැහෙයි. බියට පත් වී ඇත්තාක් මෙනි.

“ඇයි පුතා….”

“අම්මි යමු ගෙදර….”

“ඇයි පුතේ…”

“මස් කඩේ තැත්තාගේ ඔළුව තිබුණා බිම වැටිලා….අම්මි දැක්කේ නෑ…. දිවත් එළියට දාගෙන..” මවට කරුණු වැටහිණි.

ඇය ආපසු මස් කඩේට ගියේ නැත. එදා සිට ඒ ගෙදරට මස් ගත්තේද නැත. “පුංචි එවුන්ගේ තියන කරුණාව ලොකුවෙන කොට නැතිවෙන එකයි ප්‍රශ්නය”

 

මෙය සත්‍ය සිද්ධියකි.  වටරවුමෙන් උපුටා ගන්නා ලදී.