FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

බබාගේ පලවෙනි දින 1000 න්ම සම්පූණ ජීවිතයම සාර්ථක කරගන්න.

1000daysF1_400bදරුවකු මව් කුස පිළිසිද ගැනීමේ පටන් බිහි වී වසර දෙකක් ගත වනතුරු කාලය දරුවාගේ පළමු දින දහසයි (1000). ගර්භණී සමය දින 270 ක් ද, පළමු හා දෙවන වසරේ දින 365 බැගින් මේ දින දහස සම්පූර්ණ වේ (270 + 365 + 365 = 1000). මෙම කාලය තුල දරුවාගේ සිදුවන වර්ධනය මුළු ජීවිතය පුරාවටම සාර්ථකත්වය හා නිරෝගීබවට බලපාන සාධකයයි. එබැවින් 100% ක්ම අවධානය යොමු කල යුතු වැදගත්ම කාල පරිච්ඡේදය මෙම දින දහසයි. ශරීරයේ ඉන්ද්‍රියන් සියල්ලම පහේ වේගවත් වර්ධනයකට ලක් වන්නේ මේ අවදියෙයි. විශේෂයෙන්ම ගර්භණී කාලය තුල සිදුවන මොළයේ වර්ධනය නියම ආකාරයෙන් සිදු නොවුනොත් ජීවිතයේ වෙනත් කිසි දවසක එම වර්ධනය මොනම අයුරකින්වත් ලග කරගත නොහැක.

 

 

ගර්භණී අවධිය : –

නිරෝගී මොළයක තිබිය යුතු නියුරෝන ශෛල ගණන බිලියන 100කි. මේවා ජනනය වන ප්‍රධානම අවදිය වන්නේ ගර්භනී සමයේ මුල් සති හයේදීය. මෙම කාලයේදී යකඩ හා ෆොලික් අම්ලය ඌනතාවයකින් තොරව ලබා දිය යුතු කාලයයි. එම නිසා වඩාත්ම සුදුසු වන්නේ ගර්භණී වන්නට පෙර සිටම යකඩ හා ෆොලික් අම්ලය ලබා ගැනීමයි. මෙම සංඝටක දෙක නියුරෝන වර්ධනයට අත්‍යවශ්‍ය වන අතර වර්ධන අවදියේදී ඌණ වීමෙන් වර්ධනය අඩාල වේ. තවද යකඩ ඌණතාවය නිසා නීරක්තිය ද ඇති වේ. මානසික වර්ධනයෙන් සම්පූර්ණ දරුවකු ලබා ගැනීමට ඇති ප්‍රථම හා අවසාන අවස්ථාව ද මේ අවස්ථාව බව මතක තබා ගන්න. මේ අවස්ථාවෙන් පසු කොතෙක් පෝෂණය සම්පූර්ණ වුවද මෙම අවධියේදී ලැබෙන වර්ධනයට ලගා විය නොහැක.
 
ගර්භණී අවදියේදී මව විසින් අවධානය යොමු කල යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් මව ගන්නා ආහාරයි. දරුවාගේ ආහාර රසය තීරණය වන්නේ ගර්භණී සමයේ මව විසින් ලබා ගන්නා ආහාර මතයි. මව ගර්භණී සමයේ වැඩියෙන් ආහාරයට ගත්තේ පැණි රසැති ආහාර නම් දරුවාගේ රුචිය වන්නේද පැණි රස ආහාර වලටය. මව තෙල්සහිත ආහාර ලබා ගත්තේ නම් දරුවාගේ රුචියද තෙල් ආහාර වලටය. මේ අයුරින් පසු කාලීනව දරුවාගේ ආහාර රුචිය ඇති වන්නේ ගර්භණී සමයේ මව ගත ආහාරවලට අනුවය. මව එළවලු පළතුරු වැනි ගුණවත් ආහාර ලබා ගැනීමෙන් දරුවාට එම රසයන්ට රුචිවන්නට සැලැස්විය හැක.

බිහිවී ගතවන පළමු වසර :-

දරුවා බිහිවී මාස හයක් ගතවනතෙක් අමතර ආහාර වැළකී මව්කිරි පමණක් ලබා දිය යුතුය. පළමු දින තුන තුල ශ්‍රාවය වන කහ පැහැති කිරි දරුවාට ලැබෙන ලොකුම ඖෂධයයි. මෙමගින් ප්‍රතිශක්තිකරණය නිසියාකාරව ලැබේ. එමෙන්ම එම ශ්‍රාවය ඉතා ස්වල්පයක් වුව ද එම ප්‍රමාණය දරුවාට හොදටම සෑහෙන ප්‍රමාණය බව දැනුවත් වන්න. වයස මාස හය ගත වීමෙන් පසුව යකඩ, කැල්සියම් හා සින්ක් වැනි සංඝටක ලැබෙන ආහාර විවිදත්වයකින් යුතුව ලබා දිය යුතුය. වයස අවුරුද්ද සම්පූර්ණ වීමේදී උපතේදී තිබූ  බර මෙන් දෙගුණයක් විය යුතු අතර උස 70CM විය යුතුය. මෙසේ වැඩෙන දරුවා සම්පූර්ණ සෞක්‍ය සම්පන්න දරුවෙකි.

දෙවැනි වසර :- 

දෙවන වසර සම්පූර්ණ වීමේදී දරුවාගේ බර උපතේදී මෙන් තුන් ගුණයක් විය යුතු අතර උස 82CM විය යුතුය. මෙම නියමිත උස ප්‍රමාණය නොමැතිනම් දරුවා ඉදිරියේදී මිටි බවට පත්වීමට ඉඩ ඇති අතර ස්ථුල වී රෝගී තත්වයන්ට භාජනය වීමේ අවධානම ද වැඩි වේ.  මෙසේ ක්‍රමවත්ව වැඩෙන දරුවන්ගේ සෞක්‍ය තත්වය අන් දරුවන්ට සාපේක්ෂව 10 ගුණයකින් පමණ වැඩි වන බව නිරීක්ෂණය කර ඇත. එවැනි දරුවකු බෝ නොවන රෝග ගණයට අයත්වන පිළිකා, දියවැඩියාව වැනි රෝග වලට ගොදුරු වීමට ඇති ඉඩ කඩ බෙහෙවින් අඩු වේ.

fisrt-1000-

මෙවැනි නිරෝගී දරුවන් බිහි කිරීමෙන් ඇතිවන ප්‍රථිපල ඇති මහත්ය. සමස්තයක් ලෙස ලෝකයේම වසරකට ජීවිත මිලියන 100 පමණ ආරක්ෂා කරගති හැකිය. තනි රටක සමස්ත ආදායම් 21%කින් වැඩි කරගත හැකිය. වැදගත්ම දේ නම්, Poverty Cycle (දිළිදු බවේ චක්‍රය) විසන්ඳි කරදමා එයින් පිට වී “ඇති හැකි” අය වීමේ හැකියාව මෙවන් දරුවන් සතු වේ.

Nutrition Consultant – Dr. Renuka Jayatissa.
 
By. Palitha Bandara