FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

මිතුරන් තෝරා ගැනීමේදී හදිස්සි නොවී නියම මිතුරන් පමණක් තෝරා බේරා ගැනීමට උපාකර වෙන මිමි කීපයක් මෙසේ ත්‍රිපිටකය ආශ්‍රයෙන් ගෙනහැර දක්වන්නෙමු.

ඒ මෙසේය.

විපතේ දී උපකාර වන්නා මිතුරාය – සැප දුක් දෙක්හිම අත් නොහැර, නොසෙල්වී සිටින්නා මිතුරාය. දියුණුවේ මග කියාදී තමන්ට අනුකම්පාවෙන් යහපත ඉටුකරන්නා මිතුරාය – තමන්ට අවශ්‍ය දෙයක්, වටිනා දෙයක් වුවත් දෙන්නා මිතුරාය – යම් යම් අවශ්‍ය දුෂ්කර දේ කර දෙන්නා මිතුරාය – කිපීම නිසා තමන් කියන දේ ගණන් නොගෙන තමන් කරා එන්නා මිතුරාය – තමන්ගේ රහස් තම මිතුරාට කියාද, එසේම මිතුරාගේ රහස් පිට නොකියා රකින්නාද විපතකදී අත් නොහරීද, ධනය, බලය, කාය ශක්තිය හීන වන විට පවා තමා අත් නොහරින්නා ද මිතුරාය – තමා පහත් කොට නොසලකා හැම තැනකදීම තමා ආරක්ෂා කරන්නා ද මිතුරාය – අවවාද අනුශාසනා කියාදී ඉවසීමෙන් වැඩ කටයුතු කර දෙන්නාද මිතුරාය. ඉක්මන්කමින් දුර දිග නොබැලීමෙන් තමන් විසින් පන්නද්දීත් තමා කරාම පැමිණ ආධාර උපකාර වන්නත් මිතුරාය – තම අබුදරුවන්, නෑයින්, ඔහුගේම සහෝදර සහෝදරියන් දරුවන් ලෙස සලකා යම් යම් උපකාර අවශ්‍ය වූ විටකදී අවංකවම කර දෙන්නාත් මිතුරාය – තමා කල කුසල් සියල්ලමත් පරලොවෙහිදී තමාගේම මිතුරා බවත් දත යුතුය.

(දීඝ නි. සිගාල සුත්ත – අංගුත්තර සුත්තක නි. දේවතා සංයුත්ත.)

උපුටා ගැනීම “මා නැති දවස” කෘතියෙනි.

 

මැනවින් සිත්හි දරාගෙන නිති ප්‍රයජනයට ගන්න. වැරද්ද ගන්න එපා. වැරදුනොත් වැරදුනාමයි.