FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

නව යොවුන් වියේ දැරියන් ආරක්ෂා කරමු.

නව යොවුන් වියට පත් දැරියන් ගැනයි මේ සටහන. වයස අවුරුදු 15 ත් 19ත්  පසුවන දරුවන් නව යොවුන් වියේ පසුවන දරුවන් වේ. මෙම වයස් සීමාව පසු කරමින් සිටින ගැහැණු දරුවන් ගැන අප විශේෂ අවධානය යොමු කල යුතු වන්නේ  ඔවුන් අනාගත මව් පදවිය ඉසිලීමට සුදානම් වන නිසාය. මෙම වයසේදී ශාරීරික මෙන්ම මානසිකව නොයෙකුත් විපර්යාසයන් ඇතිවන සංක්‍රාන්ති වයසයි. මේ හේතුවෙන් ඔවුන් විශේෂයෙන්ම ආරක්ෂා කල යුතු අවධිය මෙයයි. බාහිර සමාජය හා සම්බන්ධ වීමට ආරම්භ කරන අවධිය නිසාත්, නිවැරදි තීරණ ගැනීමේ හැකියාවෙන් අඩු නිසාත් දැඩි රැකවරණයට ලක් විය යුතු අවධිය මෙය වේ. අත්දැකීම් වලින් තොර වීම හා බහුතරයක් සිදුවීම් වලට කෝඩු අවදිය මෙයයි.

05399983_n1). නව යොවුන් වියේ පසුවන මෙම දැරියන් මුහුණ දෙන හා ප්‍රකටව පවතින ගැටලු නම්.
2). නව යොවුන් වියේදී ගැබ් ගැනීම.
3). ලිංගික අතවර සිදුවීමට ඇති ඉඩකඩ වැඩි වීම.
4). අනාරක්ෂිත ලිංගික ක්‍රියා නිසා විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමේ අවධානම.
5). අන්තරාදායක දේවල් අත්හදා බැලීමට තැත් කිරීම.
6). ගැටලු වලට ඇති එකම විසදුම සියදිවි හානි කර ගැනීම බව විස්වාස කිරීම.
7). අයහපත් සෞක්‍ය පුරුදු නිසා ලෙඩ රෝග ඇති වීමට ඇති ප්‍රවණතාවය වැඩි වීම.
8). තමන් වෙත අවධානය යොමු කර ගැනීම සදහා තමන්ටම හානි කර ගැනීමේ ප්‍රවනතාවයක්ද ඇත.
9). දුම්කොළ ,මද්‍යසාර හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ වැඩි අවධානම් තත්වයක් පැවතීම.

මෙවැනි අනතුරුවලට භාජනය වීමේ ප්‍රවණතාවය වැඩි කම නිසා මේ අවදියේදී නිරතුරුවම වැඩිහිටියන්ගේ අවධානමට ලක්ව සිටිය යුතුයි.

මෙම යොවුන් දැරියන්ට තමන්ගේ ක්‍රියාකාරකම්වලට අනාගතයේදී අත්වන ප්‍රථිපල ගැන සිතා තීරණ ගැනීමේ හැකියාවක් නැත. අත්දැකීම රහිත බව මෙයට ප්‍රධාන හේතුවයි.

වර්තමානයේ අප රට තුලද මෙම වයසේ දැරියන් ගැබ් ගැනීම වැඩි වී ඇත. මෙයින් ගම්‍යවන සත්‍ය අරුත වන්නේ දරුවන් විසින් දරුවන් බලා ගැනීම වැඩි වී ඇති බවයි. දෙමාපියන් ලෙස ක්‍රියා කිරීමට තරම් පරිනත නොවූ දැරියන් තවත් කුඩා බිලින්දන්ගේ වගකීම දරා ගන්නේ කෙසේ ද ? මේ නිසා මෙම සංක්‍රාන්ති වයසේ පසුවන දැරියන් ගැබ් ගැනීම වහාම සහමුලින්ම වැළක්විය යුතුය. ඒ තත්වයට ලග වීමට තුඩු දෙන අවස්ථා සම්පූර්ණයෙන්ම තුරන් කල යුතුය. මේ සදහා ප්‍රධාන වගකීම ඇත්තේ නව යොවුන් දැරියන් සිටින වැඩිහිටියන්ටය.

බොහෝ විට මෙම දරුවන් ඇසුරට වැටී සිටින ඔවුන්ගේ යහලුවන් අනුගමනය කිරීම සුලභ කරුණකි. මෙහිදී අයහපත් ගතිගුණ හා පුරුදු වලට ඇබ්බැහි වඇති යහලුවන් හා එක්වීමෙන් නිරායාසයෙන්ම ඔවුන්ද ඒවාට ඇබ්බැහි වේ. මේවා අතරින් දුම්පානයට හා මත්ද්‍රව්‍ය වලට පුරුදු වීම සුලබව දකින්නට ඇත. අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් වලට පුරුදු වීම, ලිංගික අතවරවලට ගොදුරු වීම යනාදියද අයහපත් පුරුදු ඇති මිතුරන් ඇසුර නිසා සිදුවිය හැකි අන්තරායන් වේ.

ලොව බොහෝ රටවල්වල වැඩිවෙමින් යන තවත් ප්‍රවනතාවයක් නම් අඩු වයසින් සිදුවන මරණ ප්‍රමාණය වැඩි වීම. මෙය තවත් දෘෂ්ඨි කෝණයකින් බලනවිට දක්නට හැක්කේ දෙමාපියන්ට තමන්ගේ ළමුන්ගේ මරනයන් සියසින් දැක අවසන් කර තමන්ගේ අවසාන කාලය ගෙවීමට සිදුවීමයි. මේ ප්‍රථිපලය හට ගැනීමට ප්‍රධාන සාධකය වී ඇත්තේ අයහපත් සෞඛ්‍ය පුරුදු නිවැරදි කර නොගැනීමයි. විශේෂයෙන්ම මෙම නව යොවුන් වියේදී හොද සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමත් හා ඊට පෙර තිබූ අයහපත් සෞඛ්‍ය පුරුදු නිවැරදි කර ගැනීමෙනුත් ඔවුනොවුන්ගේ ආයු කාලය වසර 60 සීමාවටවත් ලගා නොවී ඇය වෙත මරණය ලගා වීම වැළක්විය නොහැකියි.

දරුවන්ට ලැබිය යුතු ආරක්ෂාව සලසන්නට සියල්ලන් එක්වුවද සල්ලාලයන්ට හසුවන අහිංසක දැරියන්ගේ සංඛ්‍යාව අඩු වී නැත. මේ නිසාම රජය විසින් නීති සම්පාදනය කර පොදුවේ ළමා පරපුර ආරක්ෂා කිරීමට නිරතුරුවම පෙනී සිටියි.

1994දී ලොව සියලුම රටවල්වල සහභාගීත්වයෙන් ළමා අයිතීන් පිළිබද ප්‍රකාශනයක් ඉදිරිපත් කරනු ලැබුවද එය ළමා අයිතිවාසිකම් ලෙස සියලු රටවල් අත්සන් තබා ආරක්ෂා කිරීමට බැදී සිටින බවට පොරොන්දු වූයේ 1989 දීය මෙයින් ආරක්ෂා කරන ළමා අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් 4 කි.

1). ජීවිතයට ඇති අයිතිය. 2). සංවර්ධනයට ඇති අයිතිය. 3). අපයෝජනයන්ගෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය. 4) සහභාගීත්වයට ඇති අයිතිය.
ශ්‍රී ලංකාව තුල මෙම අයිතීන් සුරැකීම සදහා ළමයින් වෙනුවෙන්ම ඇති රාජ්‍ය ආයතනය ජාතික ළමා ආරක්ෂක අධිකාරියයි.

ළමුන් කොතැනක, කිනම් අයුරකින් හෝ අවැඩක්, අකටයුත්තක්, නොසැලකිල්ලක් සිදුවේනම් “1929” යන අංකය අමතා ඒ බව දැනුම් දෙන්න ප්‍රමාද වෙන්න එපා. රටේ අනාගතය බේරගන්න උදව්වෙන්න දෙවරක් හිතන්න එපා.

විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ, ළමුන්ගේ පාසැල් යා යුතු අනිවාර්ය වයස් සීමාව අවු. 16 දක්වා වැඩි කල බවයි. 2016 වසරේ අප්‍රේල් මස 20 වන දින  නිකුත් කල චක්‍ර ලේඛනයක් මගින් වයස අවුරුදු 14 තිබූ එම සීමාව 16 දක්වා වැඩි කර ඇත. සොදිස්සියෙන් සිටින්න, වයස අවුරුදු 16 ට වඩා අඩු ගැහැණු හෝ පිරිමි දරුවකු සිටීනම් වහාම 1929 ඔස්සේ අධිකාරියට දන්වන්න. ඔවුන් ක්‍රියාත්මක වේවි.

මූලාශ්‍රය – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB).
සටහන – පාලිත බණ්ඩාර , By Palitha Bandara