FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

Exeter විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයකු වන ඩේවිඩ් ලිවෙලින් මහතා විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් වශයෙන් මෙම අගනා සොයා ගැනීම ලොවට හෙළි කරන්නට හැකිවී තිබේ. වෛද්‍ය ඩේවිඩ් ලිවෙලින් ප්‍රමුක වෛද්‍ය කණඩායාමේ මූලික බලාපොරොත්තුව වුයේ විටමින් D ඌ නත්වය හා ඩිමෙන්ෂියාව අතර යම් නෑදෑකමක් සොයා ගැනීමයි. එහෙත් ලැබුන ප්‍රතිපලය සියලු දෙන මවිතයට පත් කිරීමට සමත් විය. හේතුව,විටමින් D ඌනත්වය නොමැති පුද්ගලයන්ට රෝගය වැළදීමට ඇති ඉඩකඩට වඩා ඌනත්වයෙන් පෙලෙන්නන්නට රෝගය වැලදීමේ අවදානම දෙතුන් ගුණයකින් වැඩ් බව නිගමනය වීම නිසයි.

දැනට ලොව වයස්ගත වෙන්නන් කෙරෙහි බලපාන මෙම ඩිමෙන්ෂියාව රෝගී තත්ත්වය ඔවුන්ගේ යොවුන් කාලයේ ඇතිවන උනතාවයන්, ආතතිය හා වෙනත් මානසික ගැටළු නිසා හටගැනෙ. මේ අනුව මින් මතුවට විටමින් D ඌනථවයත් මේ සදහා හේතුවක් වන බව පිළිගන්නට මෙම පර්යේෂණ කණ්ඩායමේ නිගමනය බලකරනු ඇත.

කෙසේ වෙතත් යොවුන්, තරුණ වයසේදීම පෝෂණ උඋනතාවයන් මගහැරීමට ඒ සදහා උචිත ආහාර ලබා ගැනීමට මෙයින් බල කර සිටීමට පුළුවන. ප්‍රදාන ආහාර වෙළෙන් ලැබෙන විටමින් D ප්‍රමාණය මද වන්නේ නම් අතිරේක ආහාර වලින් හෝ මෙම අඩුපාඩුව සම්පූර්ණ කරගත යුතුය. මන්දයත් මේ මොහොත වනවිට ඇමෙරිකාවේ පමණක් මිලියන පහක පමණ ජනකායක් ඩිමෙන්ෂියාව හා ඒ ආශ්‍රිත ඇල්සයිමර් රෝගීන් බවට පත් වී දිවි ගෙවී.

ඩේවිඩ් ලිවෙලින් මහතා ප්‍රමුක පර්යේෂණ කණ්ඩායම මේ සොයාගැනීමෙන් පසුව ලොවට දෙන පණිවිඩය නම්. “ඌනතාවයකින් තොරව විටමින් ලබාදීමෙන් ඩිමෙන්ෂියාව වැලදීම පම කිරීමට හෝ සම්පූර්නයෙන්ම් රෝගය වැලදීමෙන් වැලකීමට හේතු විය හැකි බවයි”.

Adults who are severely deficient in vitamin D may be more than twice as likely to develop dementia or Alzheimer’s disease than those who don’t have a deficiency, according to the largest study. Noted lead researcher David Llewellyn of the University of Exeter Medical School.