FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

ගැබිණි මවුවරුන්ගේ ගැටළුවලට ක්ෂණිකව පිළිතුරු දීමට හදිසි දුරකථන අංකයක් ප්‍රසව හා නාරිවේද විශේෂඥඥ වෛද්‍වරුන්ගේ සංගමය මගින් හදුන්වා දී තිබේ. එහි සභාපති විශේෂඥඥ වෛද්‍ය යූ. ඩී. පී. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති ලිපියකින් ඒ බව දැනුම් දී ඇත.

0710301225 ට කතා කර ගැබිණි මව්වරුන්ට ඇති ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාව ඇත. මෙම අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. සිංහල දෙමල ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම උපදෙස් ලබා ගත හැක.

වසංගත තත්වයක් උද්ගත වී ඇති මේ මොහොතේ පුද්ගල දුර්ස්තභාවය තබා ගැනීමට රජය විසින් ක්‍රියාමාර්ගරැසක් ගෙන ඇත. මේ නිසා සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී සිදු විය හැකි අපහසුතාවයන් නිසා ගැබිණි මව්වරුන්ට සිදුවිය හැකි අපහසුතා අවම කිරීම මෙයින් සිදු වේ.

ඔබගේ නිවසේ හෝ ලග අහල පහල වෙනත් නිවසක ගැබිණි මවක් වෙසේනම් මේ අංකය ලබා දෙන්න. ඕනෑම මොහොතක සිංහලෙන් , දමිල හෝ ඉංග්‍රීසි භෂින් අමතන්න, ඔබට වෛද්‍ය උපදෙස් ලැබේවි.