FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

ඔබ පංච කල්‍යාණිය ගැන දන්නවාද ?

භාරතය හා මුලික ආසියාතික රටවල් හා බැදුණු සංස්කෘතිය පිලිබදව සලක බැලීමේදී කාන්ත රුව සම්බන්දයෙන් ප්‍රධාන වශයෙන් සාකච්චා කරනු ලබන කරුණු පහක් තිබේ.  ඡවී කල්‍යාණිය , මාන්ශ  කල්‍යාණිය , වයං කල්‍යාණිය , කේශ කල්‍යාණිය හා දන්ත කල්‍යාණිය මේ පංච කල්යානියයි.

එහෙත් බටහිර සමාජය  තුල මෙම පංච කල්යානයන් සම්බන්දයෙන් සුවිශේෂ තැනක් හිමි නොවේ.  උදාහරණයක් ලෙස කේශ කල්‍යාණිය ගැන තකීමක්ම නොමැත.  එහෙත් ආයුර්වේදය හා සම්බන්ද රූපලාවන්‍ය වර්තමාන වෙළදපොල හා බැදුණු රූපලවන්යෙන් මුළුමනින්ම බැහැර වෙයි. ආයුර්වේදයේ සදහන් පරිදි බාහිර හා අභ්‍යන්තර අලංකාරය එකට බැදී පවතී. නමුත් වර්තමානයේ රූපලවන්‍යා බාහිර අලංකාරය සදහාම වෙන් වූ දෙයක් සේ සැලකීම සමාජය තුල කැපී පෙනෙයි. මේ හේතුවෙන් වර්ණ පාලනයත් කාමුකත්වය එලි දැක්වීමත් පෙරදැරි කර ගැනීම පෙන්නුම් කරයි.

බාහිර , අභ්‍යන්තර හා රහස්‍ය වශයෙන් තුන් අකාරයකින් අයුර්වෙදයෙදී රූපය පිලිබදව හැදැරේ. යමෙක් භාහිර හා අභ්‍යන්තර තත්වයන් සමතුලිතව පවත්වා ගන්නේ නම් රහස්‍ය තත්වය නිරායාසයෙන්ම ආරක්ෂා වේ.

භාහිර රූපලාවන්‍ය
අප වඩාත් උනන්දුවන හා පිටතට පෙනෙන රූපය පිළිබද වූ විෂයය භාහිර රූපලවන්‍යයි .  මෙහිදී ශරීරයේ හැඩය , සමෙහි අකාරය , හිසකෙස්වල හා නියපොතුවල ස්වභාවය පිලිබදව මුලික අවධානය යොමු වෙයි.  නමුත් අයුර්වෙදය තුලදී අංග වින්‍යාශය , ගමනෙහි ලාලිත්‍ය පිළිබද විශේෂයෙන් අවධානය යොමු වෙයි. මෙහිදී නිරන්තරයෙන් ශාරීරික සෞක්‍යය හා නිවැරදි දින චර්යාවන් පිලිබදව ගැබුරු අධ්‍යනයන් සිදු කරන්නේය.

තම ස්වකීය දින චර්යා පිලිබදව දැනුමක් ලබා ගැනීමත් ඒවා සංවර්ධනය කර ගැනීමත් භාහිර රූප ලවන්‍යයට සෘජුව බලපායි. උදාහරණ ලෙස නියමිත වෙලාවට මලපහ කිරීම , මළ මුත්‍ර කිරීම , වේග ධාරණය කිරීම අධිය නිසි ලෙස ඉටු කිරීමෙන් රුව රැක ගත හැකියි. මෙවැනි නිවැරදි පුරුදු මගින් සැබෑ රූ සපුවක් ඇති කර ගත හැකිව මෙන්ම වයසට ගියද තරුණ පෙනුම ආරක්ෂා කරගත හැකි වෙයි.

අභ්‍යන්තර රූප ලාවන්‍ය
මානසික තත්වයන් හා මානසික හැකියාවන් මෙන්ම පෙර භාවයේ තත්වයන් මෙයට සෘජුව බලපායි. සමහරුන් රූපීයව ඉතා ප්‍රිය මනාප දැකුම්කලු වුවත් ලෙඩ දුක් රාශියකින් වේදනා විදිනු ලබයි. බොහොමයකගේ මතය වී ඇත්තේ මෙය පෙර කර්මයන් විපාක දීමක් ලෙසයි. ශාරීරික ස්වභාවය, ආහාර ජීවන රටාවන් නිසි ලෙස සකසා ගත හැකි වුවත් ගිලිහී ගිය යහපත් මානසික සෞක්‍ය නැවතත් ඉක්මන් යත තත්වයට පත්කර ගැනීමට අපහසුය. ඒ සදහා අත්‍යවශ්‍ය අධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කරගත යුතු වෙයි.

ඒ තුලින් ශාරීරික මෙන්ම මානසික සහනය සතුට , පවිත්‍රතාවන් , ශක්තියත් වඩ වා  ගත හැකි වෙයි.දයාව කරුණාව වැනි අධ්‍යාත්මික ගුණ වගාවන් වැඩි දියුණු කර ගනිමින් සිත තුල පවතින වෛරය , ක්රෝදය ඊර්ෂ්‍යාව වැනි  දුර්ගුණ ඉවත් කරන්නට කෙනෙකු උත්සහ වන්නේ නම් ඔහු ප්‍රියමනාප රුවකින් යුතු අයෙක් ලෙස වර්ධනය වනු දැකිය හැකිය.

අපේ ශාස්තෘවරුන් දෙස බැලීමේදී ඔවුන් කොතරම් අලංකාර රූපයකින් යුක්ත වුයේද . කෙලෙස් නැසූ බුදු රදුන් වැනි උත්තමයන් හට ඒ ස්වභාවයන් ලැබී ඇත්තේද අභ්‍යන්තර ගුණ වගාවන් හා චිත්ත සමාධිය වැඩි දියුණු කිරීම නිසාය. හිත කරදර කම්කටොලු හා දුර්ගුණයන්ගෙන් පුරවා ගත් යට අභ්‍යන්තර රූපය වඩවා  ගැනීම තබා භාහිර රූපයවත් නොවැඩෙන්නේය.

රහස්‍ය රූපය
ආයුර්වේදයට අනුව රහස්‍ය රූපය ලෙස හදුන්වනුයේ බාහිර රූපය හා අභ්‍යන්තර රූපය සම්බන්ධ කරන අවස්ථාවය. අභ්‍යන්තර රූපය හා බාහිර රූපය සමතුලිතව පවත්වා ගැනීමට සහාය වන්නේ රහස්‍ය රූපයයි. කෙනෙකු ස්වකීය රූපය රැක ගැනීමට උනන්දු වන්නේ නම් ඒ සදහා ඔහුට හෝ ඇයට ස්ව කැමැත්තක් අභ්‍යන්තරයෙන්ම තිබිය යුතුය. තවද ඒ සදහා අවශ්‍ය ක්‍රියාකාරකම්හි නිරත වීමේ හැකියාවක්ද ඔහු හෝ ඇය සතු විය යුතුය.  සෘශි වරුන්ගෙන් පවත එන මෙම විද්‍යාවට අනුව යමෙකුට තමන්ගේ බාහිර රූපය වදව ගැනීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය තම ස්වකීය අභ්‍යන්තර රූපය හා රහස්‍ය රූපය වඩවා ගැනීමෙන්ම පමණක් එය ශාක්ෂාත් කරගත හැකිවේ.

ආයුර්වෙදික සෛද්දානතික ක්‍රම වේදයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංව රූපය රැක ගන්න අන්දම මෙතැන් සිට නොකඩවා ඔබට ගෙනහැර දැක්වීමට අප සතුටින් ඉදිරිපත් වන්නෙමු.

By . Palitha Bandara