FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

ශ්‍රී ලංකාව තුල කාන්තාවන් අතර තුන්වන (3) ස්ථානයට බහුල පිළිකා රෝගය ගැබ්ගෙල පිළිකා ව බව සෞඛ්‍ය අංශ මගින් හදුනාගෙන ඇත. “හියුමන් පැපිලෝමා” (Human Papiloma Virus) වෛරසය මෙමෙ රෝගී තත්වයට හේතුවයි. හදුනා ගන්නා අවධිය අනුව නිට්ටාවට සුවකළ හැකි නොහැකි බව තීරණය වේ. මුල් අවස්තාවේදී හදුනාගතහොත් නිට්ටාවටම සුවකරගත හැකිය. ගර්භාෂය දක්වා පතිරුනද ශල්‍යකර්ම මගින් සුවකරගත හැකිය. ක්‍රමයෙන් කල්ගතවෙත්ම වෙනත් අවයව වලට පැතිරීමත් සිදු වේ, එවැනි අවස්ථාවට පත් වූ පසු නිට්ටාවටම සුව කරගත හැකි අවස්ථා අවම වේ. මේ හේතුව නිසා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාරවලට යොමු වීම දිවිය රක ගැනුමට ඇති එකම විසදුම වේ.

වෛරසය අසාදනය වී තිබේදැයි දැනගැනීම පිණිස PAP (පැප්) පරීක්ෂණය සිදුකරනු ලැබේ. එහිදේ ගැබ් ගෙලේ සෛල ලබාගෙන ඒවායේ අදාළ වෛරසය තිබේ දැයි පරීක්ෂා කරනු ලැබේ. වෛරසය ඇත්නම් එය ගැබ්ගෙල පිළිකාවේ මුලික අවස්ථාවයි. එම අවස්ථාවේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. රෝග ලක්ෂණ බොහෝවිට දැකගත හැක්කේ මුලික අවස්ථාවෙන් පසු බොහෝ කල් ගත වීමෙන්ය. මුත්‍රා සමග ලේ පිටවීම වැනි රෝග ලක්ෂණ සමහරවිට දක්නට හැක. එම නිසා මෙය හදුනාගැනීමට ඇති ප්‍රධානම ක්‍රමය පැප් (PAP) පරීක්ෂණයයි.

මෙය වැළදීමේ වයස් සීමාවක් නිශ්චිතව කිව නොහැකි නමුත් ලාංකීය සස්කෘතියට අනුව විවාහයෙන් පසුව ලිංගික චර්යාවන් ආරම්භ කරන නිසා එතැන් සිට HPV වෛරසය ශරීර ගත වීම ට ඇති අවධානම ආරම්භ වෙයි. එයින් කියවෙන රහස නම් ලිංගික ක්‍රියා ආරම්භ කර ඇති සෑම කාන්තාවකටම මෙහි අවධානම පවතින බවයි. එය වයස 18, 20, 25 30, 35, ….යාදී ඕනෑම වයසක් විය හැක. මෙම අවදානම අවම කිරීමට කල හැකි එක් ක්‍රමයක්නම් ලිංගික ක්‍රියා එක් පුරුෂයකුට පමණක් සීමා කිරීමය. බෞද්ධ සස්කෘතියට අනුව ද කාමයේ වරදවා හැසිරීම පාප කර්මයකි. මෙවැනි චර්යාවන්ට පුරුදු වීම වාසි මිස අවාසි ඇත්තෙම නැත. දුම්පානය කිරීම මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය තීව්‍ර කිරීමට හේතු වන බවත් සොයාගෙන ඇත.

ලාංකීය කතුන් අතරින් ගැබ්ගෙල පිළිකා තත්වයට පත්වූවන් දිනකට 3 දෙනෙකු සොයා ගැනෙති. වසරකට නව රෝගීන් සොයා ගැනීම 1000 ක සාමාන්‍ය අගයක පවතින අතර එයින් 700 ක් පමන කතුන් ජීවිතයට් සමුදෙයි.

ලිංගික ක්‍රියාවන් ආරම්භ කල සියලුම කාන්තාවන් වසර 5 කට වරක්වත් පැප් (PAP) පරීක්ෂණය සිදුකරගත යුතුය. ඒ සදහා යොමු විය හැකි හොදම ස්ථානය නම් රජයේ රෝහල්වල සුවනරී සායනයයි.

අදම යන්න (PAP) පැප් පරීක්ෂණය කරගන්න, සැක හැරගන්න, සුවෙන් වාසය කරන්න.

සටහන – පාලිත බණ්ඩාර

මුලාශ්‍රය – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය.