FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

සරසවියේ මහාචාර්යවරියක වන “සරා ගිල්බර්ට්” (Sarah Gilbert) යටතේ සිදු කෙරුණු පරීක්ෂණ වලට අනුව ඇය යටතේම ඇයගේ කණ්ඩායම නිපද වූ මෙම එන්නත ගැන ඇය ට ඇත්තේ සතුටුදායක විශ්වාසයකි.

“මට එන්නත ගැන හොදටම විශ්වාසයි නමුත් අපි මේක ප්‍රයෝගිකව මනුෂ්‍ය ශරීර වලට ලබා දී මෙහි ක්‍රියාකාරීත්වය පපු කරපෙන්විය යුතු වෙනවා. ඊට පසුවයි අපිට සමස්ත සමාජයටම ලබා දෙන්න තරම් විශ්වාසය ඇති වෙන්නෙ”

කෙසේ වෙතත් මීට කලින් ඇය ගේ අදහස වුයේ මෙම එන්නත ගැන 80% කම විශ්වාසයක් ඇති බවයි. එම සංඛ්‍යාත්මක අගය ගැන නැවත ප්‍රකාශ නොකර සාර්ථකත්වය ගැන අධික විශ්වාසයක් ඇති බව පමණක් ප්‍රකාශ කරයි.

ඊයේ දිනයේදී පුද්ගලයන් දෙදෙනෙකුට එන්නත ලබා දීමෙන් මෙම ප්‍රායෝගික අත්හදාබැලීම ආරම්භ කරන ලදී.

මීට අමතරව බ්‍රිතාන්‍ය යේ තවත් පර්යේෂණ ආයතනයක් වන “ලන්ඩන් ඉම්පීරියල් කොලේජ්” මගින් ද එන්නතක් නිපදවමින් පවතින අතර එය එළබෙන ජුනි මාසයේදී ප්‍රයෝගිකව අත්හදා බැලීමට සැලසුම් කර ඇත.

මහා බ්‍රිතාන්‍ය රජය මගින් මෙම ආයතන දෙක ට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 40 ක මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.

ලෝක වසංගතයක් බවට පත් වී ඇති මේ අවස්ථාවේ එය අවසන් කිරීමට හැකි පළමු සාර්ථක පියවර මෙසේ ආරම්භ කල බව දන ගැනීමට ලැබීම මහත් අස්වැසිල්ලකි.

මෙය ක්‍රියාත්මක වන අකාරය රූප සටහනකින් දැක්වේ.

එන්නත ක්‍රියාත්මක වන අකාරය

සටහන – පාලිත බණ්ඩාර

මුලාශ්‍රය – BBC